April 18, 2024

ඓතිහාසික හමුවීමකට සියල්ල සුදානමින්

ලොවක් බලා සිටි අමෙරිකානු  උතුරු කොරියානු ඓතිහාසික රාජ්‍ය නායක හමුව සිදුවන්නට නියමිතව ඇත්තේ හෙට (12) දිනයේය.

ඒ සඳහා සහභාගී වීමට උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් සහ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේවනවිටත් සිංගප්පූරුවට පැමිණ අවසන්.

උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් සහ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා පස්වරුවේ සිංගප්පූරුවට පැමිණියේය.

ඒ හෙට දිනයේ සිංගප්පූරුවේ සෙන්තොසා දිවයිනේදී පැවැත්වීමට නියමිත අමෙරිකා –උතුරු කොරියා ඓතිහාසික හමුවට සහභාගී වීම සඳහායි.

සිංගප්පූරුවේ චැන්ගි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි උතුරු කොරියානු නායකයා සිංගප්පූරු විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් විසින් පිළිගනු ලැබීය.

කිම් ජොන්ග් අන්ගේ දූත මණ්ඩලයට උතුරු කොරියානු විදේශ අමාත්‍යවරයා,ආරක්ෂක අමාත්‍යවරයා සහ සහ ඔහුගේ නැගණිය අයත්.

මෙහිදී උතුරු කොරියානු නායකයා  සිංගප්පූරු අගමැති ලී ෂියෑන්ග් ලූන්ග් හමුවීමටත් කටයුතු කර තිබුණි.

උතුරු කොරියානු නායකයාගේ පැමිණීමෙන් හෝරා කිහිපයකට පසු ජී 7 සමුළුවට සහභාගී වීම සඳහා කැනඩාව බලා ගොස් සිටි අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද  සිංගප්පූරුවට ළඟා විය.

ඔහුගේ දූත පිරිසට අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක ජෝන් බෝල්ටන් ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ ධවල මන්දිර මාධ්‍ය ලේකම් ද ඇතුළත්.

හමුව පැවැත්වෙන සිංගප්පූරුවේ තරු පහේ හෝටලයක් වූ කපෙලා හි සහ නායකයින් දෙපළ නවාතැන් ගන්නා  ශැන්ග්‍රි-ලා (Shangri-La)සහ ශාන්ත රෙගිස් (St Regis)හෝටල් ආශ්‍රිතව ආරක්ෂාව තර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 11 June 2018 08:56