April 19, 2024

නව කැබිනට් මණ්ඩලයේ විද්‍යා අමාත්‍යධූරය ගගනගාමියෙක්ට

ස්පාඤ්ඤයේ හයවන ෆෙලිපේ රජු ඉදිරියේ එරට නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දී තිබේ.

මෙහිදී රජයේ ඉහළ තනතුරු සඳහා කාන්තාවන් රැසක් තේරී පත් වී ඇති අතර ඒ ස්පාඤ්ඤ ඉතිහාසය තුළ පළමු වරට බව සඳහන් වෙයි.

ස්පාඤ්ඤයේ නව අගමැතිවරයා ලෙස පෙඩ්‍රෝ සැන්චෙස් තේරී පත්වුණේ අගමැතිවරයා ලෙස කටයුතු කළ මරියානෝ රාජෝයිට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාශභංගයෙන් ඔහු පරාජයවීමෙන් පසුවයි.

කෙසේ වෙතත් එරට නව අගමැති පෙඩ්‍රෝ සැන්චෙස්ගේ සමාජවාදී කම්කරු පක්ෂය හිමිකම් කියන්නේ පාර්ලිමේන්තුවේ ආසන 350කින් 84කට පමණයි.

එසේ වුවත් අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත්වු විශ්වාසභංගයට සහය පලකළ වාමාංශීක පොඩමෝස් පක්ෂයට රජයේ තනතුරු ලබාදීම අගමැතිවරයා විසින් ප්‍රතික්ෂේප කළේය.

නව කැබිනට් මණ්ඩලයට උගතුන් සහ බුද්ධිමතුන් ඇතුළත් කරගැනීම පිළිබඳවත් සැන්චෙස් අවධානය යොමුකර තිබුණි.

ඔහුගේ අමාත්‍ය මණ්ඩලය තුළ විද්‍යා අමාත්‍ය ධූරය හිමිව ඇත්තේ ගගනගාමියෙක්ටයි.

මේ අතර අධිකරණ අමාත්‍යධූරය සඳහා තේරී පත් වී ඇත්තේ ජිහාඩ් ප්‍රහාර විභාග කිරීම සම්බන්ධයෙන් විශේෂඥතාවයක් දක්වන රජයේ නීතිඥවරයෙක්.

එමෙන්ම පරිසර අමාත්‍ය ධූරය සඳහා තෝරා පත්කර ඇත්තේ දේශගුණික විපර්යාස සම්මුතියේ ගවේෂිකාවක්  වීම විශේෂත්වයක්.

Rate this item
(0 votes)