April 17, 2024

නාය යෑමකින් පුද්ගලයින් 10ක් මරුට

ඉන්දියාවේ ඊසාන දිග මිසෝරාම් ප්‍රාන්තයේ සිදුවූ නාය යෑමකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අධික වර්ෂාවත් සමඟ මෙම නාය යෑම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නිවාස දෙකක් නාය යෑමට ලක්ව ඇති අතර එම අවස්ථාවේ එම නිවාසවල පුද්ගලයින් 14 දෙනෙකු සිට ඇති බව සඳහන්ය.

සිද්ධියෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.

Rate this item
(0 votes)