April 19, 2024

අයහපත් කාලගුණයෙන් 40ක් මරුට

ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

උත්තර් ප්‍රදේශ්, බිහාර් සහ ජාර්කන්ද් යන ප්‍රාන්තවලට මෙම අයහපත් කාලගුණ තත්ත්වය බලපා ඇති බව ඉන්දීය මාධ්‍ය  වාර්තා කළේය.

තද සුළං තත්ත්වයත් සමඟ ගස් කඩා වැටීම් හේතුවෙන් සහ අකුණු සැර වැදීම් හේතුවෙන් මරණ වැඩි සංඛ්‍යාවක් සිදුව ඇති බව සඳහන්ය.

තුවාල ලැබූ තවත් පුද්ගලයින් විශාල පිරිසක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය ඇතුළු ප්‍රාන්ත කිහිපයකට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් මෙම මස තුළ පමණක් පුද්ගලයින් 170 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Rate this item
(0 votes)