April 24, 2024

සාගර් සෝමාලියාව කළඹයි

සෝමාලියාවේ මොගඩිෂු අගනුවර හරහා හමාගිය සාගර් සුළිකුණාටුව නිසා එරට ජනජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

ඒ හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 15ක් දක්වා ඉහළගොස් ඇති බවයි, වාර්තා වන්නේ. ඉකුත් සඳුදා පටන් පවතින සාගර් සුළිකුණාටුව නිසා අවතැන් වූ පිරිස 100000 ඉක්මවා තිබේ.

නිවාස 300කට අධික සංඛ්‍යාවක් මුළුමණින්ම විනාශ වුණා. ගණනය කිරීම් අනූව මේ වන විට සිදුව ඇති සම්පූර්ණ හානිය අමෙරිකානු ඩොලර් මිලියන 35කට අධිකය. එක්සත් ජාතීන්ගේ සංවිධාන අවතැන්වූවන් සඳහා ආධාර ලබාදීමට කඩිනම් පියවර ගනු ලැබීය.

මහමාර්ග මුළුමණින්ම ජලයෙන් යටවීම නිසා මොගඩිෂු අගනුවර ගමනාගමනය මුළුමණින්ම ඇණහිට ඇති බව වාර්තා වේ. විදුලි සැපයුම් හා සන්නිවේදන කටයුතුවලට ද දැඩි බලපෑම් ඇති බව මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

Rate this item
(0 votes)