April 24, 2024

හැරී සහ මේගන්ගේ රාජකීය විවාහය අද

මේ වන විට ලොව පුරා මාධ්‍ය අතර වැඩිම අවධානයට ලක්ව ඇති  රාජකීය විවාහ මංගල්‍යය අද (19) දිනයේ පැවැත්වීමට නියමිතයි.

මේ වන විට ඒ සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති අතර පසුගියදා ඒ සඳහා විශේෂ පෙරහුරුවක් ද පැවැත් විය.
 
අමුත්තන් 600ක් ඉදිරියේ ලොව පුරා මිලියන ගණනාවක රූපවාහිනී ප්‍රේක්ෂකයන් හමුවේ සාන්ත ජොර්ජ් පල්ලියේ වින්ඩ්සර් ප්‍රධාන දේවගැතිවරයා විසින් හැරී කුමරු සහ මෙගන් මාකල්ගේ විවාහය සිදු කෙරෙනු ඇති.

ඔවුන්ගේ විවාහය රාජකීය සම්ප්‍රදායේ සෑම අංගයක්ම අනුගමනය කෙරෙන එකක් නොවූවත් දෙපාර්ශ්වයෙන්ම මල් කුමර කුමරියන් ලෙස ඔවුනොවුන්ගේ සමීපතම ඥාතීන් පිරිස අතරින් තෝරාගැනීමට සැළකිලිමත් ව තිබේ.

හැරී කුමරුගේ වැඩිමල් සොයුරු විලියම් කුමරුගේ දියණිය 03 හැවිරිදි චාලට් කුමරිය මල්කුමරියක ලෙසත්, ඇයගේ වැඩිමල් සොයුරු සිවු හැවිරිදි ජොර්ජ් කුමරු මල් කුමරකු ලෙසත් ඊට සහභාගි වනු ඇති.

කෙසේ වෙතත් විවාහ උත්සවය සඳහා මෙගන් මාකල්ගේ පියා තෝමස් මාර්කල් සහභාගී වන්නේ නැහැ.

විවාහයට ආරාධනා ලැබූ ප්‍රභූවරුන් අතරට ඩයනා කුමරියගේ බාල සොයුරු අර්ල් චාල්ස් ස්පෙන්සර් සහ සාරා ආර්යාව එක් කරගැනීමට හැරී කුමරු අමතක කර නැහැ. 

මීට අමතරව ඩයනා කුමරියගේ වැඩිමල් සොයුරිය ජේන් ආර්යාවට මේ විවාහයේ එකම දේශනය පැවැත්වීමට හැරී කුමරු ඉඩ ලබාදී ඇත්තේ ඔහුගේ මවට පුදන උපහාරයක් ලෙසයි.

චාරිත්‍රානුකූල විවාහයෙන් පසුව මේ දෙදෙනාගේම සමීපතම මිතුරු මිතුරියන් 200ක් සමග නව යුවල නිදහසේ සිය විවාහයේ ප්‍රීතිය සමරන ප්‍රිය සම්භාෂණය පැවැත්වෙනු ඇති.

වැදගත්ම කරුණ වන්නේ මේ රාජකීය විවාහයට දේශපාලන නායක නායිකාවෝ සහභාගි නොවීමයි. 

Rate this item
(0 votes)