March 28, 2024

ඉන්දියාවේ ගුවන් පාලමක් කඩා වැටී 18ක් මරුට

 ඉන්දියාවේ, වාරනාසි නගරයේ ගුවන් පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇත.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ ප්‍රාන්තයේ වාරනාසි නගරයේ පිහිටා ඇති මෙම ගුවන් පාලම කඩා වැටීමෙන් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇති බවයි.

ඉදිකෙරෙමින් පැවති ගුවන් පාලමක කොටසක් මෙලෙස කඩා වැටී ඇති අතර අනතුරින් මියගිය පුද්ගලයින්ගේ සිරුරු සොයාගෙන තිබේ.

අනතුරින් ගුවන් පාලම ආසන්නයේ තිබු රථ වාහන රැසක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය.

 

Rate this item
(0 votes)