April 25, 2024

අගමැතිට හා බිරිදට රටින් පිටවීම තහනම් කරයි

මලයාසියානු හිටපු අග්‍රමාත්‍ය නජිබ් රසාක්ට සහ ඔහුගේ බිරිඳට රටින් පිටවීම තහනම් කර ඇති බව එරට ආගමන විගමන බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

නජිබ් රසාක් සහ ඔහුගේ පවුලේ ඥාතීන් සංචාරයක් සඳහා විදෙස් ගතවන බවට ලද තොරතුරක් මත ඔවුන්ට මෙම තහනම පනවා ඇති බව සඳහන්ය.

මලයාසියානු හිටපු අග්‍රමාත්‍ය නජිබ් රසාක්ට රජයේ මුදල් ඩොලර් මිලියන 700ක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

 කෙසේවෙතත් පසුගියදා පැවැති මලයාසියානු මහ මැතිවරණයෙන් පරාජයට පත්වීමට නජිබ් රසාක්ට සිදු වුණි.

 

Rate this item
(0 votes)