April 19, 2024

ඇමෙරිකානු සහ උතුරු කොරියානු නායක හමුවට දින නියම වේ

තමන් හා උතුරු කොරියානු නායකයා අතර ඓතිහාසික හමුව ජූනි මස 12 වැනිදා සිංගප්පූරුවේදී සිදුවන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අනාවරණය කළේය. 
 
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයකු හා උතුරු කොරියානු නායකයකු අතර හමුවක් ඔවුන් දෙදෙනා බලයේ සිටියදීම සිදුවන පළමු අවස්ථාව මෙය වන අතර උතුරු කොරියාව ඇමෙරිකා ජාතිකයන් තිදෙනකු නිදහස් කර පැය කිහිපයක් ගතවන අවස්ථාවේදී නායකයන් දෙදෙනාගේ හමුව සිදුවන වේලාව හා ස්ථානය ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශයට පත් කෙරුණි. 
 
“ලෝක සාමය වෙනුවෙන් මෙම හමුව සුවිශේෂී අවස්ථාවක් බවට පත් කරගැනීමට අප දෙදෙනාම උත්සාහ කරනවා” ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මෙම සුවිශේෂී ට්විටර් පණිවුඩය නිකුත් කරමින් සඳහන් කළේය. 

Rate this item
(0 votes)