April 20, 2024

නිව් යෝර්ක් නීතිපති ඉල්ලා අස්වෙයි

නිව් යෝර්ක්හි නීතිපති එරික් ස්නයිඩර්මෙන් සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, කාන්තාවන් 4 දෙනෙකුට පහර දුන් බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වීම හේතුවෙන් මෙලෙස සිය ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බව ය.

එම පහර දීම්වලට ලක්වූ කාන්තාවන් 4 දෙනාගෙන් දෙදෙනෙකු ඔහුගේ හිටපු පෙම්වතියන් බවට ද හඳුනාගෙන තිබේ.

කෙසේ වෙතත් එරික් ස්නයිඩර්මෙන් ඔහුට එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරයි.

තමාට එල්ල වී ඇති චෝදනාවලට එරෙහිව තදින්ම තරග කරන බවත් එතෙක් සිය ධූරයෙන් ඉවත් වන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

Rate this item
(0 votes)