April 26, 2024

කොමන්වෙල්ත් බැංකුවේ ගනුදෙනුකරුවන් මිලියන 20කගේ වාර්තා අතුරුදන්

ඕස්ට්‍රේලියාවේ පොදු රාජ්‍ය මණ්ඩල බැංකුවේ (කොමන්වෙල්ත් බෑන්ක්) ගනු දෙනුකරුවන් මිලියන 20 කට ආසන්න පිරිසක ගේ වාර්තා අහිමි වී තිබේ.

නම්, ලිපින, ගිණුම් අංක සහ බැංකු ප්‍රකාශන ගබඩා කර තිබූ චුම්බක පට දෙකක් උප කොන්ත්‍රාත්කරුවකු විසින් අතුරුදන් කර ඇති බව මේ පිළිබඳව ඇති මාධ්‍ය වාර්තා වල වැඩි දුරටත් සඳහන් වේ. මේ සම්බන්ධයෙන් පාරිභෝගිකයින් ගේ ආරක්ෂාව සඳහා ගන්නා ක්‍රියා මාර්ග කුමක් දැයි අදාළ බැංකුව මෙතෙක් අනාවරණය කර නොමැත.

කෙසේ වෙතත් වසර 15 ක දත්ත ඇතුළත් පට ආරක්ෂිතව විනාශ කළේ දැයි බැංකුව තවමක් තහවුරු කර නොමැත. පොදුරාජ්‍ය මණ්ඩලයීය බැංකුවේ වැඩබලන ප්‍රධානි ඇන්ගුස් සුලිවන් මෙම සිද්ධිය පිළිගත නොහැකි එකක් ලෙස සඳහන් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා ඇත. 

 

 

Rate this item
(0 votes)