April 24, 2024

ට්විටර් මුරපද වෙනස් කරන්නැයි ඉල්ලීමක්

ට්විටර් සමාජ මාධ්‍ය භාවිත කරන සියලු ම ග්‍රාහකයන්ට ට්විටර් මාධ්‍ය සමාගම විසින් සිය මුරපද වෙනස් කරන ලෙස ඉල්ලීමක් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ට්විටර් මාධ්‍ය සමාගම පැවසුවේ, පවතින තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් මුරපද වෙනස් කිරීමට සියලු ම ග්‍රාහකයින්ගෙන් ඉල්ලීම් කරන බව ය.

කෙසේ වෙතත් මුරපද හා අභ්‍යන්තර තොරතුරු අවභාවිතයක් සිදු වී නොමැති බව ද ඔවුන් පවසයි.

ට්විටර් සමාජ මාධ්‍ය සමාගම සිදු කළ පරීක්ෂණයකින් එය තහවුරු කළ හැකි බව ද ඔවුන් සහතික වන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය.

Rate this item
(0 votes)