April 19, 2024

නායයෑමකින් පතල්කරුවන් 9ක් මරුට

චීනයේ උතුරු ප්‍රදේශයේ සිදුවූ නායයෑමකින් පුද්ගලයින් නව දෙනෙකු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ පතල්කරුවන් පිරිසක් බව විදෙස් වාර්තා කරයි.

උතුරුදිග චීනයේ ෂැන්ක්සි පලාතේ ගම්මානයක නායයෑම සිදුව තිබේ.

ප්‍රදේශයේ පිහිටි නිවාස කිහිපයක් නායයෑමට හසුව තිබුණි.

පසුව සිදු කල සෝදිසි මෙහෙයුම්වලදී ඒවායේ සුන්බුන් අතර තිබූ මළ සිරුරු නවයක් සොයාගැනීමට හැකිවූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.

කෙසේ නමුත් නායයෑම සිදුවන අවස්ථාවේ ප්‍රදේශයෙන් වර්ෂාපතනයක් වාර්තා වී නැහැ.

සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Rate this item
(0 votes)