April 25, 2024

ප්ලාස්ටික් දිරාපත් කරන එන්සයිමයක්

පරිසර දූෂණයට මුල්වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය දිරාපත් කිරීමට සමත් එන්සයිමයක් සොයා ගැනීමට එංගලන්ත විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබේ.

විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදනයේදී බහුලව යොදා ගන්නා PET නමැති අමුද්‍රව්‍යය දිරාපත් වීමට වසර සියගණනක් ගත වන බවයි.

PETase නමින් හැඳින්වෙන මෙම නව එන්සයිමයෙන් එම අමුද්‍රව්‍යය දින කිහිපයක් තුළදී දිරාපත් කළ හැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

ඔවුන් පවසන්නේ, බ්‍රිතාන්‍යයේ පමණක් වසරකට ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත පානීය බෝතල් බිලියන 13ක් පමණ භාවිත කර ඉවත දමන බවයි. එහෙත් ඉන් බිලියන 3කට වැඩි ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය නෙකරන බව ද ඔවුහු පෙන්වා දෙති.

ඒ අනුව ප්ලාස්ටික් වඩාත් කාර්යක්ෂම ලෙස භාවිත කිරීමට ඉඩ සලසමින් , මෙය ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියේ විප්ලවයක් සිදුකිරීමට සමත්වනු ඇතැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති.

Rate this item
(0 votes)