April 19, 2024

ජලය මිදුණ ගංඟාවක් පුපුරවයි

චීනයේ ගිනිකොනදිග ප්‍රදේශයේ පිහිටි ජලය මිදුණු ගංඟාවක් පුපුරවා හැර තිබේ.

අයිස් කුට්ටිවලින් ගංගාව අවහිර වැළැක්වීම සඳහා එය මෙලෙස පුපුරවා හැර ඇති බව සඳහන් වෙයි.

හෙලොන්ජියාන්ග් පලාතේ පිහිටි හෙලොන්ජියාන්ග් ගංගාව ශීත ඍතුවේදී මිදීගොස් තිබුණි.

ශීත ඍතුව අවසන්වී ප්‍රදේශයේ උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ මිදුණු ජලය දියවී යාම ආරම්භවී තිබේ.

ඒ සමඟ විශාල අයිස් කුට්ටිවලින් ගංගාව අවහිරවී ගංවතුරක් හට ගැනීමේ අවධානමක්ද මතුව ඇති අතර, මේ හේතුවෙන් මිදුණු ජලය පුපුරුවාහැරීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

ඝන අයිස් කුට්ටි සිදුරු කර ඒ තුළට පුපුරන ද්‍රව්‍ය ඇතුල් කිරීමෙන් මිදුණු ජලය පුපුරුවාහැර තිබේ.

එම අවස්ථාව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 15 April 2018 11:57