April 23, 2024

සිරියාවේ රසායනික අවි ප්‍රහාරයන්ගෙන් දරුවන්ගේ සම නිල්පැහැ වෙයි

සිරියාවේ ඩුමා නගරයට බෂර් අල් අසද්ගේ කුරිරු හමුදා විසින් එල්ල කරනු ලැබූ රසායනික අවි ප්‍රහාරයන්ගෙන් 70 කට වඩා අධික ප්‍රමාණයක් කුඩා ළමුන් ඇතුළු මහලු වයස්‌ පුද්ගලයින්ගේ සම නිල් පැහැයට හැරෙමින් පවතින බවට Chemical-weapon watchdog the OPCW සංවිධානය පවසා සිටි.

මෙම රසායනික ගෑස් අවි ප්‍රහාරය හේතුවෙන් කාන්තාවන් හා ළමුන් ස්වසන අපහසුතාවලින්ද පෙලෙන බව වාර්තා වේ.

සිරියාවේ ඩුමා නගරයට එල්ල වූ විෂ වායු ප්‍රහාරය සම්බන්ධයෙන් අමෙරිකා ජනාධිපති ඩොනල් ට්‍රම්ප්, සිරියා ජනාධිපතිවරයාට සහ රජයට චෝදනා එල්ල කර තිබේ. ට්‍රම්ප් මේ හේතුවෙන් සිරියානු ජනාධිපතිවරයා සමාන කර ඇත්තේ ‘තිරිසන් සතෙක්‘ ලෙසය.

රුසියාවේ සහාය ලබන සිරියා හමුදා මෙය සිදු කරන්නට ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටි. පසුගියදා එල්ල වූ මෙම විෂ වායු ප්‍රහාරයෙන් පුද්ගලයින් හැත්තෑ දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. ප්‍රහාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වීමට ද නියමිතය.

බොහෝ රටවල නායකයින් මෙම ප්‍රහාරය හදුන්වා දී ඇත්තේ “ජාත්‍යන්තර මානුෂීය නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක්‘‘ ලෙසය.

Rate this item
(0 votes)