April 19, 2024

සල්මාන් ඇප ඉල්ලයි

වසර 5ක සිර දඬුවම් ලබා සිටින සල්මාන් ඛාන් හට ඇප ලබා ගැනීම සඳහා පෙරේදා (06) ඔහුගේ නීතිඥයින් මහාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

1998 වසරේදී දුර්ලභ ගණයේ මුවන් දෙදෙනෙකු දඩයම් කිරීමේ චෝදනාවට ඉන්දීය සුපිරි නළු සල්මාන් ඛාන් ජෝද්පූර් අධිකරණය විසින් වරදකරු බවට පත්කිරීමත් සමඟ ඔහුට වසර 5 ක සිර දඬුවම් හිමි විය.

චිත්‍රපටයක් රූගත කරන අතරවාරයේදී  සුපිරි නළු සල්මාන් ඛාන් සහ එම චිත්‍රපටයට රංගනයෙන් දායක වූ නළු නිලියන් පිරිසක් වනාන්තරක දඩයමේ ගොස් සිටි අවස්ථාවකදී මුවන් දෙදෙනා ඝාතනය කර තිබේ.

සයිෆ් අලිඛාන්, තාබු ,නීලම් ඇතුළු අනෙක් රංගන ශිල්පීන් මෙම නඩුවෙන් නිදහස් කර ඇති අතර සල්මාන් ඛාන් ට එරෙහිව ඉන්දීය රුපියල් 10,000 ක දඩ මුදලක්ද පනවා තිබුණි.

වඳවී යෑමේ තර්ජනයට මුහුණ පා සිටින ඉන්දියන් ඇන්ටිලොප් යන විශේෂයට අයත් මෙම මුවන් දෙදෙනා ඝාතනය කිරීමේ වරදට වසර ගණනාවක් සල්මාන් ඛාන්ට එරෙහිව මෙම නඩුව විභාගට ගැනුණි.

කෙසේ නමුත් සල්මාන් ඛාන් වරදකරු වීමෙන් පසුව ඔහුව ජෝද්පූර් බන්ධනාගාරය වෙත රැගෙන ආ අතර එම බන්ධනාගාරයේ ඔහු මීට පෙරද සිර දඬුවම් විඳ තිබීම විශේෂත්වයක්. 

කෙසේ නමුත් මෙම නඩු තීන්දුව අභියෝගයකට ලක්කරමින් සල්මාන් ඛාන් හට මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට හැකියාව පැවතීම හේතුවෙන් ඔහුගේ නීතිඥයින් අද එරට මහාධිකරණයක ඇප ඉල්ලුම්පතක්ද ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

Rate this item
(0 votes)