April 20, 2024

FB පරිශීලකයින් මිලියන 87ගේ දත්ත සමාගමක් අනවසරයෙන් භාවිතයට අරන්

ෆේස්බුක් පරිශීලකයින් මිලියන 87දෙනෙකුගේ දත්ත කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම විසින් අනවසරයෙන් භාවිත කර ඇති බව ෆේස්බුක් සමාගම පවසයි.

ඒ අතරින් මිලියන 1.1ක් එක්සත් රාජධානිය පදනම් කරගත් පරිශීලකයින් බව වාර්තා වෙයි.

දේශපාලනික කටයුතු සඳහා කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම ෆේස්බුක් පරිශීලකයින් මිලියන 50කගේ දත්ත අනවසරයෙන් භාවිත කර ඇති බව මීට පෙර අනාවරණය විය.

මේ හේතුවෙන් ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය පිළිබඳව දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් හට ගත් අතර එහි නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්හට අමෙරිකානු සෙනෙට් මණ්ඩලය හමුවේ පෙනී සිටින ලෙසටද නියෝග කෙරුණි.

පසුව ඒ සම්බන්ධයෙන් වරද පිළිගත් සකර්බර්ග් සිය සේවාදායකයින්ගේ සමාව අයැද සිටියේ නැවතත් එවන් සිදුවීමක් සඳහා ඉඩ නොතබන බවද පවසමින්ය.

කෙසේ නමුත් නවතම වාර්තාවන්ට අනුව කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම ෆේස්බුක් පරිශීලකයින් මිලියන 87කගේ තොරතුරු සිය දේශපාලන ප්‍රචාරක කටයුතු සඳහා අනවසරයෙන් යොදාගෙන ඇති බව දැක්වෙයි.

එය පෙර අනාවරණවූ ප්‍රමාණයට වඩා මිලියන 37ක වැඩිවීමක්.

 

Rate this item
(0 votes)