April 20, 2024

අමෙරිකානු සුපිරි නළු ආර්නල්ඩ්ට හදිසි හෘද සැත්කමක්

අමෙරිකානු සුපිරි නළු ආර්නල්ඩ් ශ්වාසනෙගර් හදිසි හෘද සැත්කමකට භාජනය කර තිබේ.

විවෘත හෘද සැත්කමක් සඳහා ඔහු යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

මේ වන විට 70 හැවිරිදි වියේ පසුවන ආර්නල්ඩ් වෛද්ය් උපදෙස් අනුව මීට පෙර හෘදයේ නාල බද්ධකිරීමේ ශල්‍ය කර්මයක් සඳහා සූදානම්ව සිට තිබේ.

අදාළ සැත්කමට පෙර මෙලෙස හදිසී විවෘත හෘද සැත්කමක් සිදුකීරීමට වෛද්‍යවරුන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

කෙසේවෙතත් සැත්කම සාර්ථක වී ඇති අතර ඔහු මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බව සඳහන්ය.

ආර්නල්ඩ් ශ්වාසනෙගර් ටර්මිනේටර් ඇතුළු ජනප්‍රිය චිත්‍රපට රැසකින් ලොව පුරා ජනතාවගේ ආදරය දිනාගෙන සිටි අතර අමෙරිකාවේ, කැලිෆොනියා ආණ්ඩුකාරවරයා ලෙසද මීට පෙර කටයුතු කර තිබිණි.

 

Rate this item
(0 votes)