April 25, 2024

දුවිලි කුණාටුවක් නිසා අනතුරු ඇඟවෙයි

චීනයේ බීජිං අගනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයකට දූවිලි කුණාටුවකින් බලපෑම් එල්ලවී තිබේ.

මේ හේතුවෙන් එම ප්‍රදේශවලට අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

දැඩි සුළඟත් සමඟ වායුගෝලය තුළ පැතිර යන දූවිලි අංශු හේතුවෙන් පුද්ගලයින්ට ශ්වසන අපහසුතා ඇතිවී තිබේ.

එමෙන්ම දූවිලි කුණාටු සහිත ප්‍රදේශවල පෙනීමේ අපහසුතා පවතින බවද විදෙස් වාර්තා සඳහන් කළේය.

පවතින තත්ත්වය හේතුවෙන් බීජිං නගරයට අනතුරු ඇඟවීමේ නිල් නිවේදන සහ හාබෙයි පළාතට කහ නිවේදන නිකුත් කර තිබේ.

චීනයේ  ඊසානදිග ප්‍රදේශයට මේ වසරේ බලපෑ සිව්වන දූවිලි කුණාටුව මෙය බවත් සඳහන් වෙයි.

 

Rate this item
(0 votes)