April 20, 2024

රුසියාවේ ගින්නක් - සාප්පු සංකීර්ණයේ සිටි රැසක් මරුට

සයිබීරියානු නගරයක් වන කෙමෙරොවෝහි සාප්පු සංකීර්ණයක හටගත් ගින්නකින් පුද්ගලයින් 37 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී තිබේ.

රුසියානු මාධ්‍ය වාර්තා කරන අන්දමට දරුවන් ද ඇතුළුව තව බොහෝ පිරිසක් අතුරුදන්ව සිටිති.

වින්ටර් චෙරි සංකීර්ණයේ ඉහළ මාලයක ගින්න හටගෙන ඇති අතර ඊට ගොදුරුවූ වැඩිදෙනා සිනමා ශාලා තුළ වුවෝ වෙති.

ජීවිත ගලවා ගැනීම සඳහා ජනේලවලින් ඇතැමුන් පිටතට පනින අයුරු සමාජ මාධ්‍ය හරහා පළවූ වීඩියෝ දර්ශනවල දකින්නට විය.

රුසියාවේ මොස්කව් නගරයේ සිට කිලෝමීටර 3,600ක් (සැතපුම් 2,200) නැගෙනහිරින් පිහිටි කෙමෙරොවෝ ප්‍රමුඛ පෙළේ ගල් අඟුරු නිෂ්පාදනය කරන ප්‍රදේශයකි.

(බීබීසී)

 

Rate this item
(0 votes)