April 20, 2024

අවසන් සුදු රයිනෝ මියයයි (PHOTOS)

තවත් සත්ත්ව විශේෂයක් මිහිමතින් සදහටම වඳවී යෑම සනිටුහන් කරමින් පෘථිවියේ ජීවත්වූ අවසන් සුදු රයිනෝසිරස් සත්ත්වයා කෙන්යාවේදී මියගිය බව වාර්තා වේ. කෙන්යාවේ ඔල් පෙජේටා රක්ෂිතයේ ජීවත්වූ සුඩාන් නම් මෙම සත්ත්වයා මියයන විට 45වන වියේ පසුවිය. 
 
වයෝවෘද්ධ වීම නිසා සෞඛ්‍ය තත්ත්වය දුර්වල වීම හේතුවෙන් සුඩාන් මියගිය බව වෛද්‍යවරු පවසති. උතුරු සුදු රයිනෝ ලෙස හැඳින්වුණු මෙම උප විශේෂයේ සතුන් 2000ක් පමණ 1960 දශකය වන විට ජීවත්ව සිටි නමුත් මොවුන්ගේ නිජබිම වූ අප්‍රිකා මහද්වීපයේ යුධගැටුම් හේතුවෙන් හා අං සඳහා මරාදැමීම හේතුවෙන් සුදු රයිනෝවන් සීඝ්‍රයෙන් වඳවී යන්නට විය.
 
සුදු රයිනෝසිරස් පරම්පරාවේඉතිරිවී සිටින සතුන් දෙදෙනාම ගැහැණු සතුන් වේ. ඔවුන් සුඩාන්ගේ දියණිය වන"නජිත්" සහ ඇගේ දියණිය වන "ෆාටු" ය. දැඩි ආරක්ෂිත රැකවල් මධ්‍යයේ ඔල් පෙජේටා රක්ෂිතයේ ජීවත්වු සුඩාන් අවසාන කාලයේ පාදයේ අබාධයකින් පෙළුණු බව වෛද්‍යවරු පවසති. 
 
(බීබිසී) 

 

2

3

Rate this item
(0 votes)
Last modified on Wednesday, 21 March 2018 12:41