April 17, 2024

සිවු වැනි වරටත් රුසියාව පුටින්ට

රුසියානු ජනපතිවරණයෙන් ව්ලැඩිමිර් පුටින්ට විශිෂ්ට ජයග්‍රහණයක්‌ හිමිව තිබේ.ජනපතිවරණයේ භාවිත කළ ඡන්දවලින් 73% කට වඩා ලබාගෙන ඇත්තේ පුටින් විසිනි.
 
 සිවුවැනි වතාව සඳහා ජනපති ධුරය හෙබවීමට පුටින් මෙවර ජනපතිවරණයට ඉදිරිපත් විය. 65 හැවිරිදි පුටින් මුලින්ම රුසියාවේ ජනාධිපති ලෙස පත් වූයේ 2000 වසරේදීය.
 
 එක්‌සත් රුසියා පක්‌ෂයේ නායකයා වන පුටින් ලොව බලවත්ම නායකයා ලෙස ජාත්‍යන්තර මාධ්‍ය විසින් හඳුන්වනු ලැබේ. කෙසේ නමුත් බටහිර මාධ්‍ය ප්‍රකාශය කරන්නේ මෙවර ජනපතිවරණයේ බොහෝ දූෂණ වංචා සිදුව ඇති බවයි.

Rate this item
(0 votes)