April 24, 2024

පුටින් ඉදිරියෙන්

රුසියානු ජනාධිපතිවරණයෙන් ව්ලැදිමීර් පූටින් ජයග්‍රහණය කරනු ඇතැයි  මෙතෙක් ප්‍රකාශිත ජන්ද ප්‍රතිඵල වලින් අණාවරණය වී තිබේ.

මෙතෙක් ප්‍රකාශිත නිල ජන්ද ප්‍රතිඵල අනුව 73.9% ක වැඩි ජන්ද ප්‍රතිශතයක් හිමි කර ගනිමින් ව්ලැදිමීර් පූටින් පෙරමුණේ පසුවන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

හැට පස්වන වියේ පසුවන ව්ලැදිමීර් පුටින් 1999 වසරේ සිට මේ දක්වා අග්‍රාමාත්‍යවරයා ලෙස හෝ ජනාධිපතිවරයා ලෙස හෝ රුසියාවේ ප්‍රබලතම බලසම්පන්නම නායකයා ලෙස කටයුතු කරයි. 

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 1,700කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වූ බව ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන ගෝලෝස් සංවිධානය වාර්තා කළේය. 

ඇතැම් ප්‍රදේශවල ආපනශාලා හා සාප්පුවල නොමිලේ ආහාර හා වට්ටම් දුන් බවට තොරතුරු වාර්තා වූ බව ද එම සංවිධානය වාර්තා කළේය. 

Rate this item
(0 votes)