April 23, 2024

ඉතියෝපියාවේ බස් රථයක් පෙරළී 38ක් මරණයට

ඉතියෝපියාවේ කඳුකර මාර්ගයක ගමන් කරමින් තිබූ බස් රථයක් පෙරළීමෙන් 38 දෙනකු මියෙගාස් ඇතැයි වාර්තා වේ. අඩිස් අබාබා අගනුවරට උතුරින් ලෙගම්බෝ  දිස්ත්‍රික්කයේ මෙම අනතුර සිදුව ඇත. 
 
මියගිය අය අතර පිරිමි අය 28දෙනකුද කාන්තාවන් 10 දෙනකු ද සිටින අතර මොවුන් බොහෝ දෙනෙක් උසස් අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය ලබන සිසුන් බව පැවසේ.
 
බස් රථයේ ගමන් කළ අයගෙන් 10දෙනකු දිවිබේරාගෙන ඇති නමුත් ඔවුන් සියලු දෙනාම තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. රථය මීටර් 5ක් පමණ පහලට පෙරළී ඇත.
 
(බීබීසී)

Rate this item
(0 votes)