April 19, 2024

ජෙට් යානයක් කඩා වැටීමෙන් 11ක් මරුට

තුර්කියේ  කෝටිපතියකුගේ අලුත විවාහ වීමට සිටි දියණියක් සමඟින් ගමන්ගත් පුද්ගලික ජෙට් යානයක්  මධ්‍යම ඉරානයේදී කඩා වැටී එහි ගමන්ගත් 11 දෙනාම  මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
මාර්තු මස අගදී විවාහවීමට නියමිතව සිට ඇති තුර්කි ජාතික කෝටිපතියකුවූ හුසෙයින් බසාරාන් ගේ දියණිය වන 28 හැවිරිදි මීනා බසාරාන් සහ ඇයගේ මිතුරියන් 7 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු මෙම යානයේ ගමන් කරමින් සිට ඇත.
 
මෙම ජෙට් යානයද ඇයගේ පියාට අයත්වන අතර විවාහයට පෙර අවිවාහක සාදය සඳහා ඇයගේ හොදම මිතුරියන් 7 දෙනා සමඟින් එක්සත් අරාබි එමිරේටයේ  ඩුබායි හෝටලයේ  වෙත ගමන්කොට එහිදී සාදය පවත්වා ආපසු තුර්කියේ ඉස්තාන්බුල් දක්වා ගමන් කරමින් සිටියදී බටහිර ඉරානයේ සැග්රෝස් කදුපන්තිය අසල දී  මෙම අනතුර සිදුවී ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
කදු සහිත ප්‍රදේශයට ලගාවෙත්ම දැඩි මීදුම් සහිත කාලගුණයක් තිබු බවත් එසැනින්  රේඩාර් තිරයෙන් නොපෙනී ගිය බවත් විදෙස් මාධ්‍ය වාර්තා අතර තිබේ.
 
මියගිය 28 හැවිරිදි මීනා බසාරාන්ගේ  ඉන්ස්ටර්ග්රෑම් ගිණුමේ 60000 අධික පිරිසක් ඇය වෙත නිරන්තරයෙන් අදහස් හුවමාරු කරගන්නා බවත් ඇයගේ විපත සැලවූ සැනින් පැය කිහිපයක් තුල 7000 කට අධික පිරිසක් තම ශෝකය පලකල බවද විදෙස් වාර්තා සඳහන් කරයි.  

Rate this item
(0 votes)