April 24, 2024

ජපානයේ ෂින්මොඩාකේ ගිනි කන්ද සක්‍රීය වේ

ජපානයේ කියුෂු දූපතේ පිහිටි ෂින්මොඩාකේ ගිනි කන්ද විදාරණය වීමට පටන්ගැනීම හේතුවෙන් කන්ද වටා කිලෝමීටර් 4ක පමණ ප්‍රදේශය අවදානම් කළාපයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. 
 
සති කිහිපයකට පෙර සිට කන්දෙන් අළු පිටවීම සිදුවූ අතර හදිස්යේම පෙරේදා (10) උදෑසන පිපිරුම් සමඟ ලාවා පිටවීමට පටන්ගෙන ඇත. ජපාන කාලගුණ විද්‍යා කාර්යාංශය පවසා ඇත්තේ ගිනි කන්දෙන් ඉවතට විදින ගල් කුට්ටි වලින් අනතුරු සිදුවිය හැකි බැවින් ආසන්නයේ සිටින ජනතාව ප්‍රවේසම් විය යුතු බවයි.  
 
අද උදෑසන විශාල පිපිරීම් දෙකක් සිදුව ඇති බවත් මීටර් 4500ක් පමණ ඉහලට දුම් විහිදෙන බවත් කාලගුණ අංශ වාර්තා කර ඇත.
 
ජපානයේ සක්‍රීය ගිණි කඳු 110ක් පමණ පවතින අතර ෂින්මොඩාකේ ගිනි කන්ද 2011 වර්ෂයේදී ද විදාරණය වී ඇත.
 
(බීබිසී)

Rate this item
(0 votes)