April 19, 2024

ඇමෙරිකා ප්‍රහාරයකින් තලේබාන් නායකයාගේ පුතා ඇතුළු 20 ක් මරුට

පාකිස්තාන තලේබාන් සංවිධානයේ නායක මුල්ලා ෆායුල්ලාගේ පුත් අබ්දුල්ලා ඇතුලු 20 දෙනෙකු ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් මියගොස් ඇතයි විදේශ මාධ්‍ය සදහන් කරයි.

තලේබාන් සංවිධානය ප්‍රකාශ කරනුයේ මෙම පිරිස ඊසානදිග ඇෆ්ගනිස්ථානයේ කුනාර් ප්‍රාන්තයේ තලේබාන් කඳවුරකට එල්ලවූ  ප්‍රහාරයකින් මියගිය බවයි.

විදෙස් මාධ්‍ය මේවනවිට වාර්තාකර ඇති පරිදි  මියගිය අය අතර ජ්‍යෙෂ්ඨ  තලේබාන් නායකයකු වන ගුල් මොහොමඩ් සහ එම සංවිධානයේ යුද පුහුණුකරුවකු වන යාසීන් ද සිටින අතර මියගිය වැඩි දෙනා මරාගෙන මැරෙන සටන්කාමීන් බව සදහන් වේ.

පසුගිය කාලයේදී පාකිස්තාන තලේබාන් සංවිධානයේ ප්‍රහාර වල අඩුවීමක් දකින මුත් ඔවුන් වරින්වර පාකිස්තානය තුළ ප්‍රබල ප්‍රහාර දියත්කර විශාල හමුදා සාමාජිකයන් සහ සිවිල් වැසියන් ප්‍රමාණයක් මරාදමා ඇතග 2017 වර්ෂයේ හමුදා සාමාජිකයන් සහ සිවිල් වැසියන් අවම වශයෙන් 748 මරාදමා ඇති අතර පාකිස්තාන තලේබාන් කන්ඩායම 2012 වසරේ 3739 දෙනෙකු පකිස්තානයේදී මරාදමා ඇත. එය වසරක් තුළ සිදුවු වැඩිම මරණ ප්‍රමාණය වේ.

පාකිස්තාන හමුදා දත්ත අනුව පාකිස්තාන තලේබාන් සටන්කාමීන් 4000ක්  පමණ  2013 වර්ෂයේ සිට මරාදමා ඇති  බවට පවසන නමුත් ස්වාධීන කණ්ඩායම් වලට එහි යෑමට නොහැකි බැවින් ඒවා ස්ථිර ලෙස ප්‍රකාශ කළ නොහැකි බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

 

Rate this item
(1 Vote)