April 25, 2024

රාජකි්ය තරුණ කණ්ඩායම එකම තැනක

පළමු වාර්ෂික රාජකීය අරමුදල් සැසියට එක්වෙමින් රාජකීය තරුණ කණ්ඩායම පළමු වරට එකම වේදිකාවක පෙනී සිටියහ. මෙම පදනම ආරම්භ කරන ලද්දේ විලියම්, කේට් සහ හැරී විසිනි. හැරී සහ මේගන් ගේ විවාහයෙන් පසු මේගන් ද එහි හවුල්කාරියක වනු ඇත.කෙසේ වුවත් ඔවුන් සිවු දෙනා එක්වර රාජකීය නිල උත්සවයකට සහභාගි වූ පළමු අවස්ථාව ලෙස මෙම අවස්ථාව ඉතිහාස ගත වේ.

රාජකීය අරමුදල නම් සමාජ සේවාව හරහා සිදු කෙරෙන සහ සිදු කිරීමට නියමිත සැලසුම් පිළිබඳව මෙ‍හිදී සාකච්ඡාවට ලක් කෙරිණි. තවද මෙම අරමුදල පිහිටුවීමේ අරමුණ සාකච්ඡාවට ලක් කළ අතර වත්මන් ව්‍යාපෘති සහ අනාගත බලාපොරොත්තු ද මෙම වේදිකාවේ දී අනාවරණය කෙරිණි.

මෙහිදී මේගන් අදහස් දක්වමින් කියා සිටියේ කාන්තාවන්ට හඩක් ඇති බැවින් අමුතුවෙන් කාන්තා හඬ සෙවීමට අවශ්‍ය නැති බවයි. එහෙත් එම හඬ නැංවීමට කාන්තාව සවිබල ගැන්විය යුතු බව ඇය යෝජනා කළාය. එසේම එම හඬට සවන් දීමට ජනතාව පෙළඹවිය යුතු බව ඇය සඳහන් කළාය.

Rate this item
(0 votes)