March 29, 2024

‘එමා’ ශීත කුණාටුව නිසා ජනජීවිතයට බාධා

යුරෝපා මහාද්වීපයේ රටවල් රාශියකට මේ වනවිට බලපෑ ඇති දැඩි ශීත කුණාටුමය  තත්ත්වය මගින් ඇතිවූ  අයහපත් කාලගුණය නිසා පුද්ගලයන් 59 දෙනෙකුට අධික ප්‍රමාණයක් මේ වනවිට  මියගොස්  ඇති බව AFP ප්‍රවෘත්ති සේවය පවසයි.

ඒ අතර පෝලන්තයට බලපෑ ඇති දැඩි අයිස් සහ හිමපතනයන් සහිත ‘එමා’ ශීතකුනාටුව නිසා ඇතිවූ අහිතකර කාලගුණය නිසා පුද්ගලයන් 23 කට අධික ප්‍රමාණයක් දැනට මියගොස් ඇතැයි සඳහන් කරයි.

මේ අතර බලපෑ ඇති අයහපත් කාලගුණයෙන්  අයර්ලන්තයේ දහස් ගණනාවකට විදුලිබලය නොමතිව සිටින අතර ප්‍රවාහන පහසුකම් සහ ගුවන් ගමන් බොහොමයක් අත්හිටවා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

ලන්ඩන්,පැරිස්,හා බ්‍රසල්ස් අතර යුරෝස්ටාර්  ක්‍රියාත්මක බොහෝ දුම්රිය ගමනාගමන සේවාවන් බොහොමයක්ද  නවතා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.ඇතැම් දුම්රිය අධික හිම පතනයන් නිසා පැය ගණනාවක් නතරකර සිටීමට සිදුවූ බවද වාර්තාවේ.ඇතැම් දුම්රිය පැය 14 කට  අධික කාලයක් හිම ඉවත් කරනතුරු මගීන්ට දුම්රිය මැදිරි තුලම  කාලය ගතකිරීමට සිදුවුබව එම දුම්රිය මගීන් පැවසු බව විදෙස් වාර්තා වල දැක්වේ.

අයහපත් කාලගුණය නිසා ස්විට්සර්ලන්තයේ ජිනීවා ගුවන් තොටුපලද පසුගියදා වසා දැමීම සිදු කලද නැවත එය විවෘත කර ඇත.

අයර්ලන්තයේ ඩබ්ලින් හා කෝක් ගුවන් තොටුපළවල ගුවන්යානා පැමිණීම සහ පිටත්වීම ලබන සෙනසුරාදා වනතුරු සම්පුර්ණයෙන්ම  අත්හිටවා ඇති අතර මහජනතාවට වාහන පැදවීම නොකරන ලෙසටද එරට රජය ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇතැම් ප්‍රදේශවල රාත්‍රී කාලයේ උෂ්ණත්වය 15C (5F) වන අතර තවත් ප්‍රදේශයක එය තවත් අඩු අගයක් ගන්නා බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

Rate this item
(0 votes)