April 20, 2024

ප්‍රංශ පර්යේෂකයන්ගෙන් අනාවරණයක් : කෘත්‍රිම ආහාර සහ පිළිකා අතර සම්බන්ධයක්

February 17, 2018

කෘත්‍රිම ලෙස සකස් කෙරුණු ආහාර සහ පිළිකා අතර සම්බන්ධයක් ඇතැයි ප්‍රංශ පර්යේෂකයන් අනාවරණය කර තිබේ.

මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරනු ලබන පාන්, මාංශමය ආහාර, කේක් වර්ග ආදිය මගින් පිළිකා ඇති කෙරෙන බව මෙම පර්යේෂණ කණ්ඩායම පෙන්වා දී ඇත.

පුද්ගලයන් එක්ලක්ෂ පන්දහසක් පමණ සහභාගී කරගනිමින් පර්යේෂණය සිදු කෙරුණි.

අධික ලෙස පිරිසැකසුම් කරන ලද කෘත්‍රිම ආහාර ලබා ගත් පුද්ගලයන්ට පිළිකා අවදානම ඉහළ බවයි නිරීක්ෂණය කිරීමට ලැබුණි.

සෞඛ්‍ය සම්පන්න ස්වභාවික ආහාර සදහා වැඩි වශයෙන් යොමු වන ලෙසට අදාළ පර්යේෂකයන් ජනතාවට දැනුම් දෙනවා. ලබා ගන්නා ආහාර සහ පිළිකා අතර සමීප සම්බන්ධයක් ඇති බව ඔවුන් සදහන් කරනු ලැබේ.

Rate this item
(0 votes)