April 19, 2024

ලන්ඩන් නුවරින් දෙවන ලෝක යුධ සමයට අයත් බෝම්බයක්

February 13, 2018

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර තේම්ස් නදිය ආසන්නයේ තිබී දෙවන ලෝක යුධ සමයට අයත් යැයි සැලකෙන බෝම්බයක් සොයා ගැනීම හේතුවෙන් ලන්ඩන් නුවර ගුවන් තොටුපල තාවකාලිකව වසා දැමීමට සිදුවී ඇත. 

බලධාරීන් පවසන්නේ ජර්මනියේ නිෂ්පාදිත එම බෝම්බය කිලෝ ග්‍රෑම් 500ක පමණ  බරින් යුතු බවයි. ජෝර්ජ් වී ඩොක් නම් ස්ථානයේ තිබී බෝම්බය සොයා ගෙන ඇත.

බෝම්බය එම ස්ථානයෙන් ඉවත් කරන තෙක් පෙරේදා (11) දිනය පුරාම ගුවන්තොටුපල වසා දැමුණු අතර සියලු ම ගුවන් ගමන් අවලංගු කරනු ලැබිණි. බලධාරීන් පවසන්නේ මේ හේතුවෙන් 16000ක පමණ මගීන් පිරිසක් අපහසුතාවයට පත් වූ බවයි. 

Rate this item
(0 votes)