March 29, 2024

තායිවානයේ ප්‍රබල භූමි කම්පාවෙන් 150ක් අතුරුදන්

February 08, 2018

තායිවානයේ ඇතිවූ රිච්ටර් මාපාංක 6.4ක ප්‍රබල භූ කම්පනයකින් දෙදෙනකු මියගොස් තවත් 150ක් පමණ අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

කම්පනයෙන් තුවාල ලැබූ 219ක් පමණ පිරිසක් රෝහල්ගත කර ඇති අතර දූපතේ නැඟෙනහිර වෙරළේ කිලෝමීටර් 22ක් පමණ දුරින් ඊසාන දිග හුවාලෙන්හි කම්පන කේන්ද්‍රය පිහිටා තිබූ බව පැවසේ.

අතුරුදන් වූ පිරිස කඩාවැටුණු ගොඩනැගිලිවල සුන්බුන්වලට යටවී සිටිතැයි විශ්වාස කරන අතර මුදාගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බව එරට බලධාරීහු පවසති.

හුවාලෙන්හි හමුදා රෝහලක බොහෝ පිරිසක් සිරවී සිටින බව වාර්තා වී ඇත.

කාමර 270කින් සමන්විත මහල් 10කින් යුත් මාශල් හෝටලයේ ද බිම් මහල පුපුරා ගොස් ඇති අතර එහි පිරිසක් සිරවී සිටින බවත් බොහෝ ගොඩනැගිලි අංශක 40ක් පමණ පොළොවට ඇළවී ඇති ආකාරය මාධ්‍ය වාර්තා කර ඇත.

Rate this item
(0 votes)