April 25, 2024

තුර්කි ජනපති හා පාප් වහන්සේ අතර හමුවක්

February 06, 2018

වසර 59කට පසු රෝමයේ වතිකානු නගරයේ සංචාරය කරමින් පාප්වහන්සේ නමක හමු වූ පළමු තුර්කි ජනාධිපතිවරයා බවට පත්වෙමින් තුර්කි ජනාධිපති තායිප් එර්දොගන් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ හමු විය. 
 
තුර්කි ජනාධිපතිවරයාගේ සංචාරය හේතුවෙන් රෝමයේ ආරක්ෂාව තර කිරීමට ද ඉතාලි බලධාරීහූ කටයුතු කළහ. සංචාරයේදී මැදපෙරදිග දේශපාලනික තත්ත්වය විශේෂයෙන්ම ජෙරුසලම සම්බන්ධයෙන් පාප්වහන්සේ සමඟ සාකච්ඡා කරන බව තුර්කි ජනාධිපතිවරයා සංචාරයට පෙර පැවසීය. 
 
ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස නම් කරමින් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කළ ප්‍රකාශයට අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සහ තුර්කි ජනාධිපතිවරයා යන දෙදෙනාම විරෝධය පළ කළහ. 
 
ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය මැදපෙරදිග කලාපයට සාමය උදා කරගැනීමේ කටයුතු විනාශයට කරනු ඇතැයි ඇමෙරිකාවේ මිත්‍ර රටවල් පවා පෙන්වා දුන්නේය. 


 

Rate this item
(0 votes)