April 25, 2024

හිස් ආවරණය ගලවා කොටුවක ගසා උද්ඝෝෂණය කළ ඉරාන කත නිදහස්

February 01, 2018

ඉරානයේ ටෙහ්රාන් අගනුවරදී සිය හිස් ආවරණය ගලවා කෝටුවක ගැටගසා උද්ඝෝෂණයක නිරත වීම හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ ඉරාන ජාතික කාන්තාව නිදහස් කර ඇත. ඇය දියත් කළ උද්ඝෝෂණයත් සමග ඇයගේ ඡායාරූප සමාජ ජාලා ඔස්සේ ප්‍රබල සංවාදයට ලක් විය. මෙසේ පසුගිය දෙසැම්බරයේ උද්ඝෝෂණය දියත් කළ කාන්තාව නිදහස් කරන ලද බව දැක්වෙන නිල ලිපියක් දක්නට ලැබුණු බව හිටපු දේශපාලන සිරකාරිනියක වන නීතිවේදිනි නස්රින් සොටොදේ සිය ෆේස් බුක් පිටුවේ සටහන් කරද්දී තවත් එවැනිම උද්ඝෝෂණයක් දියත් කළ කාන්තාවෝ දෙදෙනක් සමාජ මාධ්‍ය ජාලවල සංවාදයට ලක් වූහ.

1979 විප්ලවයෙන් පසුව, කාන්තාවන් සිය හිස් ආවරණ නොපැලඳීම ඉරානයේ දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර මෙම තරුණිය හිස් ආවරණය ගලවා උද්ඝෝෂණය දියත් කළේ අගනුවර එන්ග්හෙලබ් වීදියේ දීය. 

Rate this item
(0 votes)