March 29, 2024

ඉන්දියාවේ බස්රථ අනතුරක් - 36ක් මරුට

ඉන්දියාවේ බටහිර බෙංගාලයේ මර්ෂිඩාබාද් නුවරදී බස්රථයක් අනතුරට ලක්විමෙන් එහි ගමන්ගත් 36දෙනකු මියගොස් 22දෙනකු පමණ තුවාල ලබා ඇත. බස් රථය පාලමක් මතින් ගමන් කිරීමේදී මෙම අනතුර සිදුව ඇති අතර පාලමේ ඇන්ද කඩාගෙන රථය ගඟට වැටී ඇතැයි පොලිසිය පවසයි. 
 
බස් රථයේ 50දෙනකු පමණ ගමන් කර ඇති අතර තවත් පිරිසක් අතුරුදන් වි ඇති බව බලධාරීහු පවසති.

තුවාල කරුවන් රෝහල් ගත කිරීමට ප්‍රමාද වීම සම්බන්දයෙන් ගම්වාසීන්ගේ දැඩි විරෝදය පොලිසිය වෙත එල්ල වී ඇති අතර ඔවුහු පොලිසියට ගල් ප්‍රහාර ද එල්ල කල බව පැවසේ. මෙම ගැටුම් වලින් ගිනි නිවන සේවකයන් දෙදෙනකු ද පොලිස් නිලධාරියෙකු ද තුවාල ලබා ඇත.
 
 

Rate this item
(0 votes)