April 19, 2024

ලොව සිටින ළාබාලතම රාජ්‍ය නායිකාවට මව් පදවිය

ලොව සිටින ළාබාලතම රාජ්‍ය නායිකාව නවසීලන්ත අගමැතිනි ජසින්ඩා අර්ඩර්න් (Jacinda Ardern) මවු පදවිය ලැබීමට සූදානම් බව මාධ්‍යට අනාවරණය කළාය. දරු ප්‍රසූතියෙන් පසු තමන් සති හයකට ආසන්න කාලයක විවේකයක් ගන්නා බවත් එම කාලයේදී නියෝජ්‍ය අගමැති වින්ස්ටන් පීටර්ස් ධුරයේ කටයුතු කර ගෙන යනු ඇතැයි ද ඇය මාධ්‍ය හමුවේ දී පවසා ඇත.

' අපි හිතුවේ 2017 වසර සුවිශේෂී වසරක් කියලා. මේ අවුරුද්දේ අපිත් මවුපියන් ගොඩට එක්වෙනවා. මම අගමැති වගේම මවක්. ක්ලාක් පියෙක්' යනුවෙන් ඇය ට්විටර් සටහනක් ද තබා තිබු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට පෙර පාකිස්තානයේ හිටපු අගමැතිනි බෙනාසීර් භූතෝට 1990 වසරේදී අගමැති ධුරය දරන අතරතුර දියණියක් උපන් අතර රාජකීය පවුල් හැරෙන්නට රාජ්‍ය නායක ධුරයේ කටයුතු කරන සමයේදී දරුවකු බිහි කළ මුල් අවස්ථාව එය බව එකල මාධ්‍ය වාර්තා කර තිබිණි.

නවසීලන්තයේ මධ්‍ය වාමාංශික කම්කරු පක්ෂයේ නායකත්වයට පැමිණ වසරක් ගතවෙන්නට පෙර සැලකිය යුතු ජනප්‍රියත්වයක් හිමිකරගත් අගමැතිනී ජසින්ඩා, මැතිවරණයේදී ඊට වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගැනීමට ඇගේ ජනප්‍රියත්වය කම්කරු පක්ෂයට සහාය වූවාය.

නවසීලන්ත දේශපාලනඥයන්, ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් ඇතුළු ලොව පුරා රාජ්‍ය නායකයන් මෙන්ම සමාජ ජාලා ගිණුම් රැසක් ද ඇයගේ මවු පදවිය වෙනුවෙන් සුබ පැතුම් එක් කර තිබේ. 

Rate this item
(0 votes)