April 19, 2024

මගීන් 224ක් රැගත් යානයේ දෝශයක් - නැවත හරවා යවයි

ඕස්ට්‍රේලියාවේ සිඩිනි නුවර සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් වෙත ගමන් කරමින් තිබූ මගීන් 224ක් රැගත් ගුවන් යානයක තාක්ෂණික දෝශයක් නිසා සිදුවූ දෙදරීමක් හේතුවෙන් යානය ආපසු ඕස්ට්‍රේලියාව වෙත හරවා යැවීමට සිදුවී ඇත. 
 
මැලේසියානු ගුවන් සමාගමට අයත් එම්එච්122 යානය ඕස්ට්‍රේලියාවේ වයඹ දිග බ්රූමේ වලට ඉහල අහසේදී මෙලෙස නැවත හැරවීමට සිදුව තිබේ. 
යානයේ වම්පස එන්ජිමෙන් විශාල ශබ්දයක් පිටවුනු බවත් ඒ සමගම අනතුරු ඇඟවීමේ නලා නාද වූ බවත් පැවසේ. 
 
මගීන් බොහෝදෙනකු බියට පත්ව සිටි නමුත් කලබල නොකර සන්සුන්ව පසුවූ බව ගුවන් නියමුවා පවසා ඇත. පසුව යානය නිරුපද්‍රිතව ඕස්ට්‍රේලියාවේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටි ඇති ඇලිස් ස්ප්‍රිංස් ගුවන්තොටුපල වෙත ගොඩබස්වා ඇත.
 
(බීබීසී)

Rate this item
(0 votes)