April 20, 2024

රිය අනතුරකින් රංගන ශිල්පිනියක් ඇතුළු පවුලේ 5ක් මරුට

රිය අනතුරකින් රංගන ශිල්පිනියක් හා ඇයගේ පවුලේ සාමාජිකයින් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තිබේ.

ඕස්ට්‍රේලියාවේදී සිදුවූ  මෙම අනතුරින් ජෙසිකා ෆෝක්හෝල්ට් නැමැති අදාළ රංගන ශිල්පිණිය එරට ටෙලි නාට්‍ය, චිත්‍රපට හා වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ වැඩි ප්‍රසිද්ධියක් ලබා තිබූ අතර මියයන විට ඇය 29 හැවිරිදි වියේ පසු වුණි. 

මීට සති තුනකට පමණ පෙර ඇය ඇතුළු පවුලේ සාමාජිකයින් ගමන්ගත මෝටර් රථය අනතුරට ලක්ව තිබේ.

එහිදී ජෙසිකාගේ මව සහ පියා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව  ඇති බව සඳහන්ය.

අනතුරෙන් තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ජෙසිකාගේ සහෝදරියද මීට දින තුනකට පෙර මියගොස් තිබේ.

අසාධ්‍ය තත්ත්වයේ  පසුවූ ජෙසිකා ඊයේ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ජෙසිකා ෆෝක්හෝල්ට් රඟපෑ ටෙලි කතාමාලාවක් පසුගිය වසරේ නොවැම්බර් මස අවසන් වූ අතර ඇය රංගනයෙන් දායක වූ අමෙරිකානු චිත්‍රපටයක් ද මෙම වසරේ එළිදැක්වීමට ද නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

 

Rate this item
(0 votes)