March 28, 2024

මුම්බායි මුහුදේ යාත්‍රාවක් ගිළී පිරිසක් අතුරුදන්

ඉන්දියාවේ මුම්බායි නගරයට එපිටින් මුහුදු තීරයේ බෝට්ටුවක් ගිලීයෑමෙන් අතුරුදන් වූ දරුවන් සොයා මෙහෙයුම් සිදුකරන බව වාර්තා වේ. අනතුරටපත් වූ බෝට්ටුවේ පාසැල් දරුවන් 40දෙනකු ගමන් කර ඇති බවද එයින් තිස්දෙදෙනකු බේරාගෙන ඇති බවද වෙරළ ආරක්ෂක සේවය පවසයි. 


පොලිසිය පවසන්නේ දරුවන් දෙදෙනකුගේ සිරුරු හමුවූ බවයි.  
අතුරුදන්ව සිටින දරුවන් හයදෙනා සෙවීම සඳහා යාත්‍රා කිහිපයක් පිටත් කර යවා ඇත.


බොට්ටුවේ ගමන්කලහැකි ප්‍රමාණයට වඩා වැඩිපුර පටවා ඇති බවද දරුවන් ජීවිතාරක්ෂක කබා පැළඳ නොසිටි බවද මූලික පරීක්ෂණ වලින් හෙළිවූ බව පොලිසිය පවසයි. 

Rate this item
(0 votes)