March 29, 2024

අතුරුදන් යානය සොයන්න ඩොලර් මිලියන 70 ක ගිවිසුමක්

අතුරුදන් වූ එම් එච්370 මැලේසියා ගුවන් යානයේ සෙවීම් කටයුතු ඇමරිකානු සාමුද්‍රික ගවේෂණ කණ්ඩායමකට බාරදීම සඳහා ගිවිසුම් අත්සන් කළ බව මැලේසියාව පවසයි.

දින 90ක් ඇතුලත යානය සොයාදීම සඳහා ඩොලර් මිලියන 70ක් ඕෂන් ඉන්ෆිනිටි නම් මෙම ඇමරිකකානු සමාගමට ගෙවීමට මැලේසියාව එකඟ වී ඇත. මැලේසියාව මෙම මුදල ගෙවන්නේ යානය හෝ එහි සුන්බුන් තිබෙන ස්ථානය සම්බන්ද විශ්වාස කටයුතු තොරතුරක් සොයාගැනීමට හැකිවුවහොත් පමණක් වීම මෙම ගිවිසුමේ විශේෂත්වයයි.


වර්ෂ 2014 මාර්තු මාසයේදී මගීන් 239ක් රැගත් යානය මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං දක්වා ගමන්කරන අතරතුර අතරුදන් වූ අතර ලෝක ඉතිහාහසයේ සිදුවූ බලවත්ම ගුවන් අනතුරක් ලෙස වාර්තාගත වී ඇත.

දකුණු ඉන්දියානු සාගරය පිරමින් මැලේසියාව, චීනය සහ ඕස්ට්‍රේලිියාව සිදු කල සෙවීම් කටයුතු කිසිම හෝඩුවාවක් නොලැබීම නිසා පසුගිය වසරේ ජනවාරි මාසයේ නවතා දැමීමට සිදුවිය. 


ඕෂන් ඉන්ෆිනිටි සමාගමේ ගවේෂණ කටයුතු ජනවාරි 17දින ආරම්භ කිරීමට නියමිතව ඇත. 

Rate this item
(0 votes)