April 25, 2024

අයහපත් කාලගුණයෙන් 13ක් මරුට

දකුණු දිග කැලිෆෝනියාවට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබේ.

අධික වර්ෂාවත් සමඟ බලපෑ ගං වතුර සහ නාය යාම් හේතුවෙන් ඔවුන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

තුවාල ලැබූ තවත් පුද්ගලයින් 163 දෙනෙකු  ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බව සඳහන්ය.

 නාය යෑම් හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයින් සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති අතර මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව කැලිෆෝනියානු බලධාරීන් පවසයි.

Rate this item
(0 votes)