April 19, 2024

පාකිස්ථානයේ බෝම්බ පිපිරීමක් - හතක් මරුට

පාකිස්ථානයේ බලුකිස්ථාන පළාතේ ප්‍රධාන නගරය වන ක්වෙටාහි සිදුවු බෝම්බ පිපිරීමකින් හත්දෙනකු මියගොස් 23දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
 
පිපිරීම සිදුව ඇත්තේ පළාත් තානාපති කාර්යාල හා රජයේ ගොඩනැගිලි පවතින අධි ආරක්ෂිත කළාපයක බව පොලිසිය පවසයි. පොලිස් ට්‍රක් රථයක් ඉලක්ක කරගෙන ප්‍රහාරය එල්ල කර ඇති අතර මෙය මරාගෙන මැරෙන ප්‍රහාරයක් විය හැකි බව පොලිසිය විශ්වාස කරයි.
 
මියගිය අය අතර පොලිසි නිළධාරීන් පස් දෙනකු ද සාමාන්‍ය වැසියන් දෙදෙනකු ද සිටින අතර තුවාල ලැබූ කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බැවින් මියගිය සංඛ්‍යාව තවත් ඉහලයා හැකිබව පැවසේ.
 
දේශපාලන හේතුවක් මත බලුකිස්ථාන පළාත් ප්‍රධාන අමාත්‍ය සනවුල්ලා සෙහ්රි සිය තනතුරින් ඉල්ලා අස්වි සුළු වේලාවකට පසු මෙම පිපිරීම සිදුව ඇති නමුත් පිපිරීම සමග එහි සම්බන්දයක් නොමැති බව පොලිසිය පවසයි.

Rate this item
(0 votes)