March 29, 2024

ඉරානයේ ආණ්ඩුවට එරෙහිව විරෝධතාවයක් - 500ක් අත්අඩංගුවට

ඉරානයේ පැවත්වෙන ආණ්ඩු විරෝධී විරෝධතා අතර වාරයේදී 500 කට වැඩි පිරිසක් අත්අඩංගුවට පත්ව ඇතැයි වාර්තා වේ. වැටුප්, රැකියා ආදී ආර්ථික දුෂ්කරතා රැසක් මුල් කරගනිමින් දෙසැම්බර් 6 වැනිදා ආරම්භ වූ විරෝධතා පැවැත්වෙන්නේ හය වැනි දිනටය. 

විරෝධතා පාලනය කිරීම සඳහා ඉරානයේ ‘ආරක්ෂක බලකාය’ යෙදවීමට බලධාරීන් කටයුතු කර තිබේ. විරෝධතා අතරවාරයේදී 30කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි ද එරටින් ලැබෙන වාර්තා සඳහන් කරයි. 
ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලට 2009න් වසරෙන් පසු මෙරතම් ජනතාවක් සහභාගී වූ පළමු අවස්ථාව මෙය වේ. 

වසර 2009 දී පැවැති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණලට දහස් ගණනක් ඉරාන වැසියන් සහභාගී වූ අතර ඉන් පසු ආණ්ඩුවට අවස්ථා කිහිපයකදී ආණ්ඩු විරෝධයට පාමින් උද්ඝෝෂණ පැවැත්වුණ ද ඒ කිසිවකින් ඉරාන ආණ්ඩුවට සැලකිය බලපෑමක් එල්ල නොවීය.

මේ අතරම ආණ්ඩුවට සහාය පළ කරමින් නගර කිහිපයක ජන රැළි පැවැත්විණි.  එම ජනරැළිවලට විශාල ජනතාවක් සහභාගි වී තිබේ.
ආර්ථික දුෂ්කරතා, රැකියා නොමැතිකම ආදී අර්බුද මුල් කරගනිමින් පසුගිය සතියේදී මෙම විරෝධතා ඇති විය. එම විරෝධතා පසුව පාලන තන්ත්‍රය හා ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ බවට පත්විය. 

එම විරෝධතා මේ වනවිට රට පුරා ව්‍යාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරානයේ උත්තරී නායකයා ලෙස සැලකෙන අයතොල්ලා අලි කමේනිට මේ වනවිට විරෝධතා එල්ල වී ඇතැයි එම වාර්තා සඳහන් කරයි. 
ඉරානයේ පැවැත්වෙන විරෝධතා මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් සහ ජාත්‍යන්තර සංවිධානවලට අවධානයට යොමු ව තිබේ. ඇමෙරිකා ජනාධිපතිවරයා විරෝධතාකරුවන්ට සහාය පළ කරමින් අවස්ථා කිහිපයකදීම ට්විටර් පණිවිඩ නිකුත් කර තිබිණි. ඊශ්‍රායල අගමැතිවරයා ද ඉරාන විරෝධතාකරුවන්ට සහාය පළ කර තිබූ අතර එරට පාලනය ද විවේචනයට ලක් කළේය. 

Rate this item
(0 votes)