April 20, 2024

ශීත කාලගුණය නිසා ජන ජීවිතයට බාධා

උතුරු ඉන්දියාවේ මේ දිනවල පවතින අධික ශීත කාලගුණික තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතයට බාධා එල්ල වී තිබේ.

නවදිල්ලියේ ඉන්ද්‍රා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගුවන් ගමන් වාර 350ට අධික  සංඛ්‍යාවක් මේ හේතුවෙන් අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එමෙන්ම දුම්රිය ගමන්වාර 56ක් ප්‍රමාද වී ධාවනය කර ඇති අතර තවත් ගමන් වාර 15ක් පමණ අවලංගු කිරීමට ද සිදුව තිබේ.

මේ වන විට නවදිල්ලියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 07 ක් ලෙස වාර්තා වී ඇති අතර එය තවදුරටත් පහල යා හැකි බව  එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

 

 

Rate this item
(0 votes)