April 25, 2024

හැරී කුමරු මෙහෙයවූ ගුවන් විදුලි වැඩසටහන

බ්‍රිතාන්‍ය රාජ්‍යත්වයට උරුමකම් කීම අතින් පස්වැන්නා වන හැරී කුමරු බීබීසී ගුවන් විදුලි වැඩ සටහනක් ඉදිරිපත් කිරීමට දායක විය.

හැරී කුමරුන්ගේ සංස්කරණ සහයෝගය ලද්දේ බ්‍රිතාන්‍ය ගුවන් විදුලියේ 'රේඩියෝ - 4' චැනලයේ 'ටුඩේ' (Today) වැඩසටහනයි.

ඔහු ඊට දායක වුණේ 'ටුඩේ' (Today) වැඩ සටහනේ ආරාධිත සංස්කාරකවරයා හැටියටය.

යුද හමුදාව, මානසික සෞඛ්‍යය, තරුණයන් අපරාධවලට යොමුවීම සහ දේශගුණ විපර්යාසයන් වැනි මාතෘකා එම වැඩ සටහන තුළ සාකච්ඡාවට ගනු ලැබුණි.

හැරී කුමරු 'ටුඩේ' (Today) වැඩ සටහන සඳහා ඔහුගේ පියා වන චාර්ල්ස් කුමරුන් සහ ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමාත් සහභාගී කර ගත්තේය.

(බීබීසී)

Rate this item
(0 votes)