April 25, 2024

ට්‍රම්ප්ගේ නම ජෙරුසලමේ දුම්රිය ස්ථානයකට

December 31, 2017

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ නම ජෙරුසලමේ දුම්රිය ස්ථානයක් සඳහා යෙදීමට ඊශ්‍රායල රජය තීරණය කර තිබේ.

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසලම නම්කරනු ලැබීය.

එරට ප්‍රවාහන අමාත්‍ය යීස්රායල් කැත්ස් පවසා ඇත්තේ මධ්‍යම ජෙරුසලමේ සිට වෙස්ටර්න් වෝල් දක්වා ඉදිකෙරෙන අධිවේගී දුම්රිය මාර්ගයේ එක් දුම්රිය ස්ථානයක් මෙලෙස නම් කෙරෙන බවය. එහි ඉදිකිරීම් මූලික අදියරේ මේවන විට පවතී.

මෙම අධිවේගී දුම්රිය මාර්ග ව්‍යාපෘතියට ඩොලර් මිලියන 700 කට වැඩි මුදලක් වැය වන බවත්, එය අනුමත කළහොත් වසර හතරක් ගතවන විට ව්‍යාපෘතිය අවසන් කළ හැකි බව ඊශ්‍රායල ප්‍රවාහන අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් සදහන් කර ඇත.

යුදෙව්, ඉස්ලාම් හා ක්‍රිස්තියානි යන ආගම් තුනෙහිම මූල බීජයන් පවතින්නේ ජෙරුසලම කේන්ද්‍ර කරගෙනය.

Rate this item
(5 votes)