April 25, 2024

කාබුල් නුවර ප්‍රහාරයකින් 40ක් මරුට

December 29, 2017

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර බටහිර පිහිටි ශියා සංස්කෘතික හා ආගමික මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 40දෙනකු මියගොස් 30දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

මේ සමග ප්‍රදේශයේ තවත් ප්‍රහාර දෙකක් සිදුව ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසයි.

ප්‍රහාරයේ වගකීම කිසිවකු බාරගෙන නොමැති නමුත් ශියා මුස්ලිම්වරුන් වෙසෙන ප්‍රදේශ ඉලක්ක කරගෙන මෙවැනි ප්‍රහාර පසුගිය කාලය පුරා එල්ල කරනු ලැබූයේ අයි එස් සංවිධානය විසින් බව පැවසේ. 

තලේබාන්වරුන් පවසා ඇතිතේ ඔවුන් මෙම ප්‍රහාරය සිදු නොකල බවයි.

ප්‍රහාරය සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ ශිෂ්‍යයන් පිරිසක් සහ මාධ්‍ය කණ්ඩායමක් අතර හමුවක් පැවැත්වෙමින් තිබී ඇත.

Rate this item
(0 votes)