March 29, 2024

චීනය අඛණ්ඩව කරන යුද අභ්‍යාස තම රටේ ආරක්ෂාවට තර්ජනයක් බව තායිවානය කියයි

December 28, 2017

චීනය අඛණ්ඩව කරන යුද අභ්‍යාස තම රටේ ආරක්ෂාවට තර්ජනයක් යැයි තායිවානය අවධාරණය කරයි. 
 
තායිවානය තම වාර්ෂික ආරක්ෂක විශ්ලේෂණය අවසානයේ ඒ බව අවධාරණය කර තිබේ. චීනය අඛණ්ඩව කරන යුද අභ්‍යාස වර්ධනය වී ඇතැයි ද එය තම රටේ ආරක්ෂාවට දරුණු තර්ජනයක් යැයි ද තායිවානය ප්‍රකාශ කර තිබේ.
 
තායිවානයේ ප්‍රකාශයත් සමඟ චීනය සමඟ තිබෙන අර්බුදකාරී තත්ත්වය තවදුරටත් උග්‍ර අතට පත්වීමේ අවදානමක් හටගෙන තිබේ. තායිවානය චීනයේ කොටසක් යැයි යම්කිසි අවස්ථාවකදී තායිවානය චීනයට එකතු වනු ඇතැයි ද අවශ්‍ය වුවහොත් ඒ සඳහා හමුදාමය ක්‍රියාමාර්ග ගන්නා බව ද චීනය ප්‍රකාශ කරයි. 
 
වසර 1949 ඇති වූ සිවිල් යුද්ධයෙන් චීනය සහ තායිවානය වෙන්විය. තායිවානය ස්වයං සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සහිත රටකි. එසේ වුවත් තායිවානය නිදහස ප්‍රකාශයට පත් කර නැත. 
 
ත්සායි ඉන්ග් වෙන් තායිවානයේ ජනාධිපතිධුරයට පත්වීමත් සමඟ චීනය ඔවුන්ගේ යුද අභ්‍යාස වැඩි කළේය. ලෝකයේ බොහෝ රටවල් ‘එක් චීනයක්’ ප්‍රතිපත්තිය පිළිගන්නා අතර එම රටවල් තායිවානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොපවත්වයි. 
 
චීන මාධ්‍ය වාර්තාවලට අනුව ඉකුත් වසරේ පවත්වන ලද යුද අභ්‍යාස 8 හා සැසඳීමේදී මේ වසරේදී තායිවානය ආසන්නයේ චීන ගුවන් හමුදාව පමණක් පවත්වා තිබෙන යුද අභ්‍යාස සංඛ්‍යාව 20කි.  

Rate this item
(0 votes)