April 20, 2024

ඉන්දීයාව කැළඹූ ජයලලිතාගේ වීඩියෝව - VIDEO

December 25, 2017

පසුගිය වසරේ දී චෙන්නායි හි ඇපලෝ රොහලේ දී අභාවප්‍රාප්ත වූ තමිල්නාඩු හිටපු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් රෝහලේ ඇඳක සිටින වීඩියෝවක් මාධ්‍යයට නිකුත් වී තිබේ.

ඒ සමගම ඇයගේ මරණය පිළිබඳ යළිත් සැක සහිත බවට ප්‍රකාශ පළව ඇති බව වාර්තා වේ.

ජයලලිතා ජයරාම් පසුගිය වසරේ දෙසැම්බර් 05වනදා මියයාමට පෙර රෝහල්ගත කර සිටි කාලයේ සිහි විසඥව සිටි බවට වාර්තා පළව තිබුණි.

එහෙත් ඇය කිසියම් බීම වර්ගයක් පානය කරමින් රෝහලේ ඇඳක් මත සිටින ආකාරය මෙම වීඩියෝ පටයේ දැක්වේ. එහි මුලු කාලය තත්ත්පර 20කි. එසේම ඇය රූපවාහිනී නරඹන ආකාරයක් ද ඒ තුළ දක්නට ලැබේ.

තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මන්ත්‍රීවරයෙකු වන පී වෙට්‍රිවෙල් මෙය මාධ්‍යයට ප්‍රසිද්ධ කර ඇත.

කෙසේ වෙතත් අද පැවැත්වෙන අතුරු මැතිවරණයේ දී වාසි ලබාගැනීමේ අරමුණින් මෙය නිකුත් කර ඇති බවට චෝදනා එල්ල වේ.

ජයලලිතා ජයරාම් ඇපලෝ රෝහලේ දින 72ක කාලයක් නේවාසිකව ප්‍රතිකාර ගෙන 2016 වසරේ දෙසැම්බර් 05වනදා අභාවප්‍රාප්ත විය. ඒ සමගම ඇයගේ අභාවය පිළිබඳ විවිධ මත පළ වූ අතර ඇතැමුන් කියා සිටියේ එය ස්වභාවික මරණයක් නොවන බවය.

Rate this item
(1 Vote)